LYRICS
සිහිනොයේ දස අතේ කරුවලේ කොණක් හොයනා
මිලින වූ පළුදු වූ මනුදමේ පණක් යදිනා
උරුම දේ වුවත් ඉවසුමේ පලක් නොවෙනවා කියා දැනෙනා
නැහෙනවා මිසක් ලැබුණු නෑ දෙයක් දැවි දැවී හිතින් දැවුනා
නෑ නිහඬ වී පිරිවරා අලු මතින් නැගීලා
මතු නොවූ හඬ පවා බෑ තවත් හිඳිනු බෑ දරාලා
ඇදහුමේ පරතෙරේ ගැලවුමේ මගක් සොයනා
රුහිරයේ වර්ණයේ ගැලපෙනා මිනුම් මනිනා
අඳුරු හීනයක් රුදුරු සාපයක් ගෙවෙනුදෝ කියා හිතෙනා
කලු දුමාරයක් මැද දරා හැඩුම් හඬ නොලා සුසුම් හෙළුනා
නෑ නිහඬ වී පිරිවරා අලු මතින් නැගීලා
මතු නොවූ හඬ පවා බෑ තවත් හිඳිනු බෑ දරාලා
මේ පණගසා එන අපේ වේදනා නොමළ නාමය මතු රකී ඉඳුරා යළි හීනෙක හෙට දකී
කෙලෙසක කෙලවෙන්නෙ නැතුව ඉන්නෙ
මග යන අතරමගට මුලසුන
හොයාගන්න බැරි හිතාගන්න බැරි තරම් රජවරු
දරාගන්න බැරිතරම් මැතිවරු
වඩා ගන්න බැරි තරම් බිසෝ වරු
වවාගෙන හදාගෙන උයාගෙන කනවලු
එකාට එකා මුවාවෙල එකාට එකා හිටියලු
එකාට එකා මුවාවෙල එකාට එකා හිටියලු
කුඩා මොලේ හිලේ දොර අරුනලු
වටා පතට මුවවෙලා පඩුපුල් ආසනේ මිදුනලු
ගිරේ මැද නිදාගන්න ඇද ගන්න ලෝන් එක ලැබුනලු
ෆොන් එකෙන් බැලුවලු හැමදාම ණය ගෙවාගන්න
බැරි හීන දෑකල රෑට බය වෙනවලු
කලු පාටට කඩතොලු මාවත ගිනිසිලු
සත්තු හැමතැන නැත්තු මත්වි හිටියට රට්ටු
ඔන් රීන් කට්ටු කට්ටු