LYRICS

කයිලාස ගිර සා විසල් ප්‍රේමෙනි
සංසාර චාරිකාවේ පෙම්මාදරී
පින්සාර ශෲංගාර උන්මාදිනී
සංසාර ආදරී මා මන්දෝදරී..

උහුලාන දරදඬු ම රළු පිරිමිකම්
ලේ ගලන ගෑනු හද වත්තම් කරන්
සිරියානෙ හෙළුවාද ළය සෝ සුසුම්
‍රන්දෝලි මා
සංසාර ආදරී මන්දෝදරී..

දරාගෙන සීතා ට බැඳි ආලකම්
දුවනු රිසි පිරිමි හිත හීලෑ කරන්
මියෙද්දිත් ළඟ උන්නු සුවඳ යි නොහිම්
මදාරා මා
සංසාර ආදරී මන්දෝදරී.