LYRICS

ඈත ඉම නොපෙනෙන මානේ
නැගී හිනැහෙන අහිමි අරුණළු
සරදම් කරමින් සැඟව ගියේ
සරතැස නංවා
බිඳුණු ලයේ
බිඳුණු ලයේ
බිඳුණු ලයේ
බිඳුණු ලයේ

සොඳුරු අතීතේ
නටඹුන් අතරේ
අහිමි පෙමක හිමි
දැවී අලුවී සිඳුනු මතකය

සොයා යන්නට වෙර දරන්නේ
සරන යුග මත නොවන අවනත
තනිව මංපෙත සැරිසරන්නේ
හදවතේ සැඟවුණු

යාත්රිකයා
යාත්රිකයා

ගැඹුරු අගාධේ
නොසිඳෙන කඳුලේ
තවම සුසුම් ලන
එළිය දුන් ඒ නුරා දෙනෙතේ

සොයා යන්නට වෙර දරන්නේ
හැඟුම් හදවත තුලම සිරකර
තනිව ඝන අඳුරේ යදින්නේ
හදවතේ සැඟවුණු

යාත්රිකයා
යාත්රිකයා
යාත්රිකයා
යාත්රිකයා