LYRICS

සියුම් තැන් රතු වෙලා
ගතේ සුම් හිර වෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීන දම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු, වහ වැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරි වැටුණු අනුරාගයේ
උමතුවී කෙළවරට ගෙන ගියේ කිම මැනේ
ආදරේ...

නෑ සිතුවේ සමුදෙන්න කිසි කලෙක දී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක්
පැතිරුනෙ මහ විසක්
අපේ ලොවේ
ජීවිතේ...

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීන දම් පටලලා
සිරගෙයක අද රඳවලා

සියුම් තැන් රතු වෙලා
ගතේ සුම් හිර වෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා