LYRICS

ආශා නිල් දෑසින්
ආදරේ පෙන්නලා
මායා රූ නාරී
ජීවිතේ මත් කලා

දෑතේ එල්ලිලා
යාදෝ ඉගිලිලා

ළමැදේ
හැංගී කී කතා
ඇහුනා නින්දේදී පවා

මුදු සුවඳේ වසඟ වෙලා
පෙම් කතා ලියනවා
කෙහෙරැලි සයුරේ
පිහිනමි සොඳුරේ
ආදරේ ගලනවා

හිරිකඩයි යෞවනේ
උණුහුමයි ඈ
තුරුලටයි ගුලි වුනේ
මා සොයාලා

ළමැදේ
හැංගී කී කතා
ඇහුනා නින්දේදී පවා

ඇස් පියා ගන්න බෑ
ඇස් දෙකේ ඉන්නවා
හදවත ගැඹුරේ
ඔබේ රුව මතුවේ
නිදිවරා විඳිනවා

සඳවතයි ඔබ මගේ
අහසමයි මා
හිත පුරා ආදරේ
ඔබ තියාලා

ළමැදේ
හැංගී කී කතා
ඇහුනා නින්දේදී පවා

ආශා නිල් දෑසින්
ආදරේ පෙන්නලා
මායා රූ නාරී
ජීවිතේ මත් කලා

දෑතේ එල්ලිලා
යාදෝ ඉගිලිලා

ළමැදේ
හැංගී කී කතා
ඇහුනා නින්දේදී පවා