LYRICS

ඝණදුර පමණයි තනි මැකුවේ
ගිනි දැවෙනා හදවතේ
සෝ ගීතයයි රැව් දෙන්නේ
එනමුදු පැතුමන් නැත ගිලිහුණේ

දේශය නමින් කැප වී රුහිරය මගේ
තොර වුවත් සුසුමන් හෙටින්
සෝක නෑ හද මානේ
එක් හඩයි රැව් දෙන්නේ
රට රැකුමයි යුතුකම මගේ
කදුලැල් දියයි නෙත් තෙමුවේ
හද පෙලෙනා වියෝ දුකේ
සැනසුම ලැබුවේ සිහිනෙන් පවා
ජය ටැඹ දකිනා ඒ හෙට දිනේ//

දේශය නමින් කැප වී රුහිරය මගේ
තොර වුවත් සුසුමන් හෙටින්
සෝක නෑ හද මානේ
එක් හඩයි රැව් දෙන්නේ
රට රැකුමයි යුතුකම මගේ//