LYRICS
හිතෙනවා මමත් පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ
කුලුදුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමි නැතත් මට වන්නට පිය උරුමේ
නොවුනත්.. ඇය මගේ දුවනි
අපි මැව් සිහිනේ සිටියේ ඇයයි
අප මැවු සිහිනයේ නිම් හිම් සොයා
අද වුනත් මා සිතින් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවනි
මා නොදන්න මාගේ දුවනි
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී
පෙම්වතී.. ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනත් මදි වී ලොවේ
ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා
නම නොදන්න මාගේ දුවනි
මා නොදන්න මාගේ දුවනී
අපගේ සිහිනේ හැඩ කෙරූ කුමරී
හිතෙනවා මමත් පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ
කුලුදුලේ ඇය වැදුවේ මගේ සිහිනේ