LYRICS

විශ්මකර්ම පින්සල් තුඩ
දේවදාර තුරු යායක ආකාශේ
තනි තරුවක් ඇඳලා
අනාදිමත් කාලයකදී
බෙත්ලෙහෙමේ පෑයූ ඒ තරුවේ
මෘදු බව හද දැනුණා

ජේසූ ජීවමානයි මට හිතුණා.... මට හිතුණා
ජේසූ ජීවමානයි මට දැනුණා.... මට දැනුණා

ගහ වැල මල් අතු ඉති මත
ඒ තරුවෙන් පිණි පොද වැහි හැලුණා
ජේසු තුමන්ගේ කරුණාබර හිත එහි තිබුණා

ජේසූ ජීවමානයි මට හිතුණා.... මට හිතුණා
ජේසූ ජීවමානයි මට දැනුණා.... මට දැනුණා

වෙල පෙති බිඳ මුදු නල වැල
ඒ තරුවෙන් මිහිලිය මත ඇදුණා
ජේසුතුමන්ගේ නිම් නැති දම් සුව හද දැනුණා

ජේසූ ජීවමානයි මට හිතුණා.... මට හිතුණා
ජේසූ ජීවමානයි මට දැනුණා.... මට දැනුණා