LYRICS
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න...
මවා සේයා
බලා දුර හිඳ
පෙනෙන තුරු නුඹ මැදියමේ...
දුටිමි සිතුවම් නුඹේ සේයා
ඈත දුර ආකාසයේ...
හුරුවෙන්නේ මං
කොහොම රිදවා
විඳවන්න තනි ආදරේ...
නොලැබුනත් නුඹ මගේ
හුස්මයි දන්නවද
මගෙ ප්‍රේමියේ...
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න....