GUITAR CHORDS
උඹ එක්ක තනිවෙද්දි හිස උරහිසේ ඉද්දි උඹෙ නළල සිපගද්දි සතුටින්ම අපි ඉද්දි මගෙමමයි පිලිගද්දි අපි යන්න සැරසෙද්දි පෝරුවට උඹ යද්දි ඉරණමට බිළිවෙද්දි ඈතින්ම උඹ ඉද්දි අපි දැන් දුරින් ඉද්දි පිලිවෙලට සමු ගද්දි ප්‍රේමයෙන් තනිවෙද්දි.. ප්‍රේමයෙන් තනිවෙද්දි..
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි..
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇහැරන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි...
තොල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි..
ලොව එරෙහි වී යද්දි
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි...
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි...
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි..
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි..
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි..
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි...
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි...
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි...
තනිකමට හුරුවෙද්දි..
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි..
තනිකමට හුරුවෙද්දි..
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි..