LYRICS

තරු එළියෙන් ගත සළුවෙන් ලොව නැත එළිවී
රන් වැස්සේ තෙමුණත් නැත සැනසුම හමුවී
බඹරිඳු පතනා මල් රොන් උරනා
ගිනිසිළු දැවෙනා අරුණෙහි නිවෙනා
රැයේ ගලනා රුහිලැල් නින්නාදිනා
වෙළී අඳුරේ මිරිඟුවක දිය සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
නව දිනයක අරුණළු මැද පැතුමන් නැත හමුවී
විකසිත කළ සිනහා මැද කඳුළැල් නැත ගිලී
බඹරිඳු පතනා මල් රොන් උරනා
ගිනිසිළු දැවෙනා අරුණෙහි නිවෙනා
රැයේ ගලනා රුහිලැල් නින්නාදිනා
වෙළී අඳුරේ මිරිඟුවක දිය සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
රැයේ ගලනා රුහිලැල් නින්නාදිනා
වෙළී අඳුරේ මිරිඟුවක දිය සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා
අරුණළු සොයනා