LYRICS
බිලිගන්න වළලන්න මඟ බලන සුදු ඇඳුම
යට ඉන්න කළු චරිතෙ එළිවන්නෙ කවදා ද
එතකන්ම කෙටවෙන්න එළි බහින ජනතාව
මඟ මැරෙන එක යසට එය උඹට ආතල් ද
ඇවිලෙනා ගිනි පුරා
දැවෙනවා මනුසතා
කතිරෙ
පාරනා වලි කකා හිඳියි
මනුසතා
ගැංසියේ සෙට් මෙදා
සිව්කොණේ විසිරිලා
ෆැන්ටසියෙ රහ බලනු
වෛරයේ පැසවනා
මළකුණකි ගඳ ගසනු
කඳුළු වැල් විසිරෙනා
ශාපයක සුව විඳිනු
කතිරයෙන් යටවෙලා
