LYRICS
ගින්නක් ඇවිලුනේ බුර බුරා පැතිරෙන්නයි
දුන්නක් හැර ගියේ ඊ තුඩක් ඇමිණෙන්නයි
සිත් පිත් නැති වූ දා
යුක්තියෙ නෑ සීමා ඇඳුනේ
වැස්සක් නැවතුනේ ආයෙමත් වැගිරෙන්නයි
කන්දක් මතුවුනේ බෑවුමක් හමුවෙන්නයි
සංසුන් වූ යාමේ
සැක බිය නෑ ගෙවුනේ නිබඳේ
නෑසේ ගීය ජීවිතේ
දෝසේ කොයිද කා අතේ
ලෝකේ අරුත කොයි කොහේ
ආයේ යමුද කොයි අතේ
මේ පොළොව ලේ කඳුළු ගැලුවේ
මාරුතය ආතුරව සැලුනේ
ජීවයෙන් ජීවිතය නොදිලේ
ගිනිගත් හීනේ ගිනි මල් වෑහේ ලෝ කතරේ
නෑසේ ගීය ජීවිතේ
දෝසේ කොයිද කා අතේ
ලෝකේ අරුත කොයි කොහේ
ආයේ යමුද කොයි අතේ
