LYRICS

මගෙන් වෙන් වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්

ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ...
මතකයෙන් සිඳලන්න විඳගත්
හැඟුම් අප සමසේ ...

මගෙන් වෙන් වී......

ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරණ වන දවසේ ...
එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
ළඟම ඇති පෙර සේ...

මගෙන් වෙන් වී......