LYRICS

දුක් සංකාවන්
මතකේ හංගා
කාලේ පියඹනවා රිංගා
ජීවත් වේවී
නුහුරට හුරුවෙවී

අපහාස නොපැතු නින්දා
සිනහා සොරාගෙනද මන්දා
මොහොතින් යනවලු
බොඳවෙවී

පැතුම් මිය යාවි
යළිත් ඉපදේවි
නොනවතී..
අපිත් හැමදාමත්
අපේ ආශා ලුහු බඳී

මායම් නගරයේ
අපේ කතන්දරේ
කවුරුවත් නෙවෙයී
අපිම ලියාගන්නේ..

මේ ලෝකේ ..
අපි ආවේ තනියම
අපි යන්නේ තනියම
සංචාරයේ
ආවේ තනියම
යන්නේ තනියම
සංචාරයේ ..

සීමා මායිම්
බාධක සිඳලා
සැප දුක සමසේ අත්විඳලා
ජීවත් වේවී
නුහුරට හුරු වෙවී..

මදහාස
මල් වැහි වරුසා
නැතිදා කරබාගෙන ඉවසා
යලි අපි නැගිටිනවා ...වැටි වැටී

නිමක් නැතුවාම ගලා ඒවී
සිතුවිලී....
අපිත් හැමදාමත්
අපේ ආශා ලුහු බඳී ...

මායම් නගරයේ
අපේ කතන්දරේ...
කවුරුවත් නෙවෙයී..
අපිම ලියාගන්නේ...

මේ ලෝකේ
හිරු පායා බැසයයි
සඳ පායා බැස යයි
අපි ජීවත් වෙයී
හිරු බැස යයි..
සඳ බැස යයි
හෙට දවසක් එයී....!