LYRICS

ඔබෙන් වෙන් වී යන්න අවසර
වරද මට පවරන්න පෙම්වත
ලොවම වැට ලඟ නැතත් විමසිල්ලෙන්
වැරදිකාරිය මං
සමුදෙන්න හසරැල්ලෙන්.....

එකමඟක අප දැනෙන සෙවනක
බැදෙනු බැරි දවසේ
අපි තවත් දේදුනු සොයා කිම
කදුලු පිරි දෙනෙතේ....

ලොවට අවනත වී රිදුම් පිරි දිවිමඟක
දුක සේ
රැදෙන්නද පෙම්වත තවත් අප නුහුරු පෙම් පියසේ
ඔබෙන් වෙන් වී යන්න අවසර
වරද මට පවරන්න පෙම්වත
ලොවම වැට ලඟ නැතත් විමසිල්ලෙන්
වැරදිකාරිය මං සමුදෙන්න හසරැල්ලෙන්

මගෙන් වෙන් වී යන්න පළමුව
වරද මට පවරන්න සොදුරිය
ලොවම වැට ලග හිඳී විමසිල්ලෙන්
වැරදි කරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්.....