LYRICS
හිත් අරණ උණු වෙලා
ගලායන කඳුළු කැට
ඇගේ ඇසක දියවෙලා
වසාගෙන පහළ ගඟ
උඩු හුළඟ සැඩ වෙලා
නසා වනසන වනය
මං තවම තනිවෙලා
හිත් වඩන බෙනය තුළ
දිය බුබුළු සුළං රැලි
පියයුරක දැවටෙනා
ඈ තනිව වැලපෙනා
ඉවසුමක දියවෙලා
කල්පයක් හැඩවුනා
සැඩ සුළං රළුවුනා
ඈ වරක් හිනැහුනා
කඩාගෙන පෙරලුනා
යලි යලිත් නොදකිනා
සුසුමක සැඟවුනා
ප්‍රේමණීය සරාගිනිය
මා පොළොවෙ වැලලුනා
කඳුළු ගිනියම් වුනා
හදවතක් පිපිරුනා
හිත ඇතුලෙ තනිවුනා
මම ඔහේ පැවතුනා
