LYRICS
රූපය ස්ථිර නෑ දැම්මට පැලැස්තරේ
ජාතිය ජන්මය කෝ වැටුණම ආසරේ
මචං
තියරිය simple බ්රෝ මේකයි සූස්තරේ
කළ හොඳ පස්සෙන් එනවා ඒකයි සාස්තරේ
න න න නානා
ජීවිත හටනට ඇයි මිනිසුන් බය වෙන්නේ
හිත හොඳ උන් ළඟමයි දෙවියොත් ගැවසෙන්නේ
කාසිය නීතිය වී මනුදම් කෙලෙසන්නේ
බලයට නිලයට උන් නකුටයි අඹරන්නෙ
රූපය ස්ථිර නෑ දැම්මට පැලැස්තරේ
රාගය තිරිහන්වී ආදරේ පාරන්නේ
මොහොතක සතුටට ඇයි මිනිසුන් රවටන්නෙ
දුක ළඟ උඹේ හිත ඇයි නැතිදෝ උණුවන්නේ
උඹ අපි කවුරුත් බං දවසක මිය යන්නේ