SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Jesus is Alive

Jesus is Alive

ජේසු ජීවමානයි

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

LYRICS

සිංහල පදමාලාව
විශ්මකර්ම පින්සල් තුඩ දේවදාර තුරු යායක ආකාශේ තනි තරුවක් ඇඳලා අනාදිමත් කාලයකදී බෙත්ලෙහෙමේ පෑයූ ඒ තරුවේ මෘදු බව හද දැනුණා ජේසූ ජීවමානයි මට හිතුණා.... මට හිතුණා ජේසූ ජීවමානයි මට දැනුණා.... මට දැනුණා ගහ වැල මල් අතු ඉති මත ඒ තරුවෙන් පිණි පොද වැහි හැලුණා ජේසු තුමන්ගේ කරුණාබර හිත එහි තිබුණා ජේසූ ජීවමානයි මට හිතුණා.... මට හිතුණා ජේසූ ජීවමානයි මට දැනුණා.... මට දැනුණා වෙල පෙති බිඳ මුදු නල වැල ඒ තරුවෙන් මිහිලිය මත ඇදුණා ජේසුතුමන්ගේ නිම් නැති දම් සුව හද දැනුණා ජේසූ ජීවමානයි මට හිතුණා.... මට හිතුණා ජේසූ ජීවමානයි මට දැනුණා.... මට දැනුණා