
OFFICIAL MUSIC VIDEO
Spotify Player
Apple Music Player
Deezer Player
LYRICS
සිංහල පදමාලාවරජෙකුට වාගේ සම ඇති රූපේ
හිමි වෙන්නට පින්කල අරුමේ
මගෙ ඇස් සඟලේ කැඩපත වාගේ
මිණිකැට දෙක දිලිසෙයි රිසි සේ
සක්වල දිනලා ජය කෙලි නඟලා නම තියපං යන තැන පොළොවේ
මොන දේ තිබුනත් හදවත ඉරපං දුක හඳුනන මිනිහෙක් වාගේ
පියෙකුට ඇති අභිමානේ
පුතු උරහිස අවසානේ
ඇහැ වහගන්නයි ඕනේ
මතුදා සසරේ හැම සුසුමක දියවෙන්නේ
දරනා දරු දුක ගින්නේ
විඳිනා හැම හැඟුමක අරුතේ
ඔබමයි පුතුනේ
අම්මා විතරයි ලේ කිරි කෙරුවේ
අමතක නොකරන් එය පුතුනේ
ඇහිපිය යටමයි
අපි ඇය තුරුලෙයි
වෙන කවුරුත් නෑ ඒ වාගේ
කකුලෙන් ඇදලා
හොඳ හැටි පාගා
නැඟිටින්නට නොම දෙයි දිවියේ
හරි තැන ඉඳලා
හරි දේ කරලා
ලෝකය දිනපං මගෙ පුතුනේ

